Friday, February 27, 2015

අරුමය II

ඊයේ දුටුව ලොව නොව 
අද මගේ දෙනෙතින් දකින්නේ 
ඔබේ නෙතින් බලමි මදෙසම 
සිනහවක් එයි දෙතොලට 
ඊයේ සිටිය මා නොව 
ඔබේ දෙඇසින් මා දකින්නේ 
නෙත් කඳුළු සින්දන..
හද ගැස්ම නවතන.. 
අරුමය,
ආදරයද...

Wednesday, February 25, 2015

අරුමය

ඇල්ෆා බීටා ඒ අතට මේ අතට ඇඹරුණ
එකේ ඉලක්කම් දෙකේ ඉලක්කම් හරෙන් මෙහෙන් දැවටුණ
පිටු පිරෙන ඝෝෂාකාරී අකුරු අස්සේ
ඔය මූණ මැවී...
ලොවම දෙදරා නිහඬ වී යන
අරුමය,
ආදරයද...

Sunday, February 22, 2015

Budu hamuduro wadiyaa wagei..

ඇතිදා ළඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
නැතිදා ළඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා ....