උනුන් පාගා රිදවමින් තමන්ගේ ගමන්වල ඉවක් බවක් නැතිව ඉදිරියට දුවන (නො)මිනිසුන් අතරම ඉඳන්, ඔයා කොහොමද ඔයිතරම් සිසිල් ?
ගිනියම්ව, විඩාපත්ව, කළකිරී හති දමන මගේ සුපුරුදු දිවුම, මොහොතකට නැවතිලා.. එකකින් එකකට ඇමිණී දික් ඇදෙන ඔයාගේ කතන්දර...වරින් වර පිපී දිදුලන ඔයාගේ හිනාව... නිහඬවී නිසොල්මන කල්පනාවේ වැටුණු විට ඔය මුහුණෙන් නොසැඟවෙන කඩවසම් බව...
කියන්නට ඇත්නම්... ඔය කදිම සංයුතිය මගේ කඳුළු වියළු වග.... හෝරාවකට දෙකකට වුව.....