Tuesday, July 22, 2014

බැස යන සඳ

ඇවිදන් ඇවිත් මහන්සියි....කොහෙන්දෝ ආපු හුළඟක් මගේ  ඇඟේ දැවටෙන්න ගත්ත...මට ඒ සුළඟ සිසිලයි...එත් ඒ සුළඟ මටත් හොරෙන්ම යන්න ගිහින්..මට ඒ සුළං පොදක් වත් රඳවාගන්න බෑ .... ඔයාගේ ආදරෙත් ඒ වගේ.. මට සිහිලක් දීල යන්න ගිහින්.. මට රඳවාගන්න බෑ ....

මේ රෑ හරිම නිස්කලංකයි...අහස දිහා බලන් ඉන්න මට දිලිසෙන තරු ගොඩාක් පේනවා... අහසේ තරු කොයිතරම් ඇත්ද... අහසේ මන්දාකිණි කොයිතරම් ඇත්ද...මම ඒ තරු ගණන් කරන්න පටන් ගනිද්දී, ඒ තරු හෙමින් අහසෙන් මැකිලා යන්න පටන් අරන් .... මේ අහස මට අඳුනගන්න බැරි වගේම.. මට ඔයාවත් අඳුනගන්න බෑ ...

ඇහිපිය නොහෙළා බලන් හිටියාට බැහැල යන හඳ නවත්තන්න බෑ ..දෝතට ගත්තාට පරවෙලා යන මල වලක්වන්නත් බෑ ..
කොච්චර ආදරෙයි කිව්වත්, ඔයාගේ ආදරේ මැකිලා යන එක මට නවත්තන්න බෑ ......

~උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාගේ, හීන ඇහිඳින යාලුවෝ වැඩසටහනකට මගේ සිතුවිලිත් එක්කර ලියන ලදී. නාමල් උඩුගම මත්මයා ගායනය කරන, බැස යන සඳ ගීතය පාදක කර ඇත.

http://fmderana.lk/heena_ahidina_yaluwo


2 comments: