Sunday, January 25, 2015

හිමාලෙට වඩා උසයි..


හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ...

තාත්තා ගැන කියන්න, තාත්තගේ දරු සෙනෙහස ගැන කියන්න, සංස්කෘත වචනම ගැටගහන්න ඕනෙම නෑ නේද කියලා, සම්භාව්‍ය කවියක් ඕනෙම නෑ නේද කියලා, මේ ගීතය අහපු වෙලාවේ මට තේරුම් ගිය දෙයක්. තාත්තලාගේ ආදරේ හරිම නිශ්ශබ්ධයි කියල හැම තැනම, හැම නිසඳසේම මම දැකල තියෙනවා. ඒත් ගව් දහස් ගණන් දුර ඉන්දෙද්දි දැනෙන්නත්, ඔහුගේ හදවත නැවතුනායින් පසුව පවා දැනෙන්නත් තරම්, තාත්තගේ ආදරේ කොයි තරම් විසල් ඇත්ද....
පාට හුණු කූරක් අරන් "ඉර නාවත් කමක් නැතේ.." කියලා මේසයක පැති ලෑල්ලක රවුම් අකුරෙන් ලිව්වේ, "හැම සති අන්තෙම ගෙදර එන්න දුවේ" කියල කෑගහල කියන්න බැරි කමට නේද තාත්තේ? තාත්තගේ ආදරේ නිශ්ශබ්ධම නැතුව ඇති.. සමහරවිට අපි ඇහුම්කන් නොදුන්නා වෙන්න ඇති..

Thursday, January 8, 2015

මඩ

දිනපු අය දිනුම්.. පැරදුනු අය පැරදියි ... දැන් වත් මඩ ගහගන්න එක නැවත්තුවොත් නරකද? කට්ටියක් කඩේ ගියා තව කට්ටියක් මෝඩ කරුණු වලට පවා මඩ ගැහුවා.. ඇත්තටම ඔයාල පහුගිය සති දෙක තුන ඇතුලත post කරපුවයින්, ඔයාල කවුද කියන එක හරිම පැහැදිලියි..සමහරු (දෙපක්ෂයේම) නියම කරුණු කාරණා වලට තර්ක කළත් තවත් සමහරු Beats Headphones ඇසුරෙන් පවා හරිම විහිලු සහගත මඩ ගැහුවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ ප්‍රධාන දෙපිළෙන්, මට හොඳ යැයි සිතුන කෙනා අද ජනාධිපති බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ජනාධිපතිවරණ වලදීත් මට හොඳ යැයි හිතුන කෙනා ජනාධිපති බවට පත්වුනා. එනම්, සෑම ජනාධිපතිවරණයකදිම මට පක්ෂයක් සහ මම විරුද්ධ පක්ෂයක් සිටිය.. ඒත් "මගේ පක්ෂයේ| සමහරු මගේ විරුද්ධ පක්ෂයට ගසා දමන බොහොමයක් මඩ ප්‍රහාර මම තරයේ හෙළා දකිනවා.