හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ...
තාත්තා ගැන කියන්න, තාත්තගේ දරු සෙනෙහස ගැන කියන්න, සංස්කෘත වචනම ගැටගහන්න ඕනෙම නෑ නේද කියලා, සම්භාව්‍ය කවියක් ඕනෙම නෑ නේද කියලා, මේ ගීතය අහපු වෙලාවේ මට තේරුම් ගිය දෙයක්. තාත්තලාගේ ආදරේ හරිම නිශ්ශබ්ධයි කියල හැම තැනම, හැම නිසඳසේම මම දැකල තියෙනවා. ඒත් ගව් දහස් ගණන් දුර ඉන්දෙද්දි දැනෙන්නත්, ඔහුගේ හදවත නැවතුනායින් පසුව පවා දැනෙන්නත් තරම්, තාත්තගේ ආදරේ කොයි තරම් විසල් ඇත්ද....
පාට හුණු කූරක් අරන් "ඉර නාවත් කමක් නැතේ.." කියලා මේසයක පැති ලෑල්ලක රවුම් අකුරෙන් ලිව්වේ, "හැම සති අන්තෙම ගෙදර එන්න දුවේ" කියල කෑගහල කියන්න බැරි කමට නේද තාත්තේ? තාත්තගේ ආදරේ නිශ්ශබ්ධම නැතුව ඇති.. සමහරවිට අපි ඇහුම්කන් නොදුන්නා වෙන්න ඇති..
No comments:
Post a Comment