Thursday, January 8, 2015
මඩ
දිනපු අය දිනුම්.. පැරදුනු අය පැරදියි ... දැන් වත් මඩ ගහගන්න එක නැවත්තුවොත් නරකද? කට්ටියක් කඩේ ගියා තව කට්ටියක් මෝඩ කරුණු වලට පවා මඩ ගැහුවා.. ඇත්තටම ඔයාල පහුගිය සති දෙක තුන ඇතුලත post කරපුවයින්, ඔයාල කවුද කියන එක හරිම පැහැදිලියි..සමහරු (දෙපක්ෂයේම) නියම කරුණු කාරණා වලට තර්ක කළත් තවත් සමහරු Beats Headphones ඇසුරෙන් පවා හරිම විහිලු සහගත මඩ ගැහුවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ ප්‍රධාන දෙපිළෙන්, මට හොඳ යැයි සිතුන කෙනා අද ජනාධිපති බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ජනාධිපතිවරණ වලදීත් මට හොඳ යැයි හිතුන කෙනා ජනාධිපති බවට පත්වුනා. එනම්, සෑම ජනාධිපතිවරණයකදිම මට පක්ෂයක් සහ මම විරුද්ධ පක්ෂයක් සිටිය.. ඒත් "මගේ පක්ෂයේ| සමහරු මගේ විරුද්ධ පක්ෂයට ගසා දමන බොහොමයක් මඩ ප්‍රහාර මම තරයේ හෙළා දකිනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment